කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසර අග ජනතා අයිතියට

July 9, 2023

ලබන වසරේ සැප්තැම්බර් අගවන විට කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය.

කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

t

o

p