ආසියානු සටන් කලා ශූරතාවය ශ්‍රී ලංකාවට

July 15, 2023

ආසියානු සටන් කලා ශූරතා – 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම ඊයේ (14) දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

අන්තර්ජාතික සටන් කළා සම්මේලනය විසින් සංවිධානය කළ 04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය ඉකුත් 09 දින සිට 14 දින දක්වා තායිලන්තයේ පතායා නුවර පවත්වා තිබුණි .

මෙයට රටවල් 06 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 දෙනෙකු සහභාගී වී තිබුණි.

එහිදී තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් , මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ද සමත් වී තිබුණි .

t

o

p