අද(15) සිට බන්ඩි පොහොර මිල පහළට

July 15, 2023

අද සිට (15) බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති MOP පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩුකර තිබුණි.

එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4,500කින් අඩු කිරීමට රජය පියවර ගත්තේය.

t

o

p