සිනොපෙක් ඉන්ධන බෙදා හැරීම අද(15) අරඹයි

July 15, 2023

චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාතවරයා පැවසුවේ, අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බවයි.

සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) කොළඹදී සිදු කෙරුණි.

t

o

p