Business

බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම මෙරට ආර්ථිකයට වැදගත්

ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ බ්‍රික්ස් රටවල් තුල බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. එමෙන්ම 2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්‍රික්ස් රටවල් වලින් Read More

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා අනුමැතිය

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකිවනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිතා කරන බැවින් එවැනි ත්‍රීරෝද රථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බවයි හඳුනාගෙන Read More

කොටස් වෙළෙඳපොළෙහි වාර්තාගත වර්ධනයක්

අද (04) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කළේ ය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 218.22කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, එම දර්ශකය අද වාර්තා වන්නේ ඒකක 11374.64ක් වශයෙන් ය.

වාහන 6900ක් ගෙන්වීමට අවසර හිමිවෙයි

වාහන ආනයනය තහනම තිබියදී වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ බවද ඔහු සඳහන් කරයි. මීට අමතරව වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

පොළී අනුපාත පහළට

බැංකු සහ මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 1949 අංක 58 දරණ මුදල් පනත යටතේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, එමඟින් පොළී අනුපාත සම්බන්ධයෙන් ද නිර්නායක ඉදිරිපත් කර තිබේ. ඒ, අනුව සාමාන්‍ය ණය පොළී අනුපාතය 13.5%ක මට්ටමේ පවත්වාගෙන යන ලෙසයි Read More

ස්පයිස්ජෙට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ යළි ඍජු ගුවන් ගමන් අරඹයි

ස්පයිස්ජෙට් ගුවන් සමාගම යළිත් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා ඊයේ (20) සිට යළි ආරම්භ කරනලදි. ඒ, අනුව එම ගුවන් සමාගමේ එස්.ජී – 003 දරණ යානය ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි. මෙම යානයෙන් ගුවන් මගීන් 30 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙක් මෙරටට පැමිණ තිබේ. පසුගිය කොවිඩ් Read More

විදුලි වාහනවලට ජාතික ප්‍රතිපත්තියක්

කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික කර්මාන්ත සංවර්ධන උපදේශක කමිටුවේ සාමාජික ගාමිණි රණසිංහ මහතා පැවසීය. ඒ අනුව විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් බවට පත් කිරීම ඉදිරියේදී සිදු වනු ඇත. ශ්‍රී ලංකාවට අදාළ වන රථවාහන ප්‍රතිපත්තියක් මේ වන තුරු සකස් Read More

සිනොපෙක් සමාගමේ මෙහෙයුම් සැප්තැම්බර් මාසයේ සිට

සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමට අවසර දෙන බවයි. සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතයට එල්ල Read More

අඩි 410ක් ගැඹුරු මහ පොළොව යට අවන්හලක්

ශ්‍රී ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොව යට භූගත ආපන ශාලාවක් අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් විවෘත කිරීමට බෝගල මිනිරන් පතලේ කළමනාකරිත්වය පසුගිය 12 දා සමත්විය. ආරම්භක අවස්ථාවට එක්වූ බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසුවේ මීට වසර 158 කට පෙර එනම් 1865 දී පමණ ආරම්භ කර ඇති බෝගල මිනිරන් Read More

පිරමීඩ ගැන මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර ඇත. මහජනතාව එවැනි පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් එම පිරමීඩ යෝජනා ක්‍රම වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව සදහන් කරයි.

t

o

p