Lumala සමාගම, Eco Hauler e-bike සමඟින් කසළ කළමනාකරණයට මුලපුරයි

February 26, 2024

City Cycle Industries Manufacturing හෙවත් Lumala සමාගම යනු දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය තුළ පරිසර හිතකාමී නවෝත්පාදනය සඳහා පෙරමුණ ගත් ආයතනයකි. ත්‍රාසජනක අත්දැකීම් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන මවුන්ටන් පාපැදිවල සිට එදිනෙදා නාගරික පරිහරණයට යොදාගන්නා පාපැදි දක්වා, Lumala නිෂ්පාදන මඟින් පිළිබිඹු වන්නේ තිරසරභාවය වෙනුවෙන් සමාගම සතු අඛණ්ඩ කැපවීමයි.

පාරිසරික සෞඛ්‍ය ඉහළ නංවමින් ශ්‍රී ලාංකිකයින් තුළ සක්‍රිය ජීවන රටාවක් ඇතිකිරීම Lumala සමාගමේ අරමුණයි. එමෙන්ම සිය නවෝත්පාදන ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයමින් පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් හඳුන්වාදෙමින් ගෝලීය තිරසරභාවයට ද සමාගම දායක වෙයි. මේ හරහා සුහුරු ප්‍රවාහන මාධ්‍යයන්හි නායකත්වය ගැනීමට මෙන්ම පරිසර ආරක්ෂණයට කැපවීමට ද Lumala සමාගමට හැකිවී තිබේ. මෙම නවෝත්පාදන සහ පරිසර හිතකාමී ගමන්මඟ හෙවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් Eco Hauler කසළ කළමනාකරණ විද්‍යුත් පාපැදිය හඳුන්වාදීමට Lumala සමාගම පසුගියදා කටයුතු කළේය.

මෙරට කසළ කළමනාකරණය විශාල අර්බුදකාරී තත්ත්වයක පවතින අතර, දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වුවද ඉන් ප්‍රතිචක්‍රීයකරණයට ලක්වන්නේ සියයට 4ක තරම් ඉතා සුළු ප්‍රමාණයකි. කසළ කළමනාකරණයේ මෙම දැඩි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන USAID Clean Cities සහ Blue Ocean (CCBO) වැඩසටහන සමඟ එක්ව දියත්කළ Eco Hauler විද්‍යුත් පාපැදි ව්‍යාපෘතිය හරහා සමුද්‍ර පරිසර දූෂණය මැඬපැවැත්වීම, දේශගුණික විපර්යාස අවමකිරීම මෙන්ම නාගරික සහ වෙරළාසන්න ප්‍රදේශවල ද ගංගා ඉවුරු ආශ්‍රිතව ද කසළ කළමනාකරණයේ කාර්යක්ෂමතාව නැංවීම අරමුණු කෙරේ.

දැරිය හැකි මිල, අවම මෙහෙයුම් පිරිවැය, ඉහළ ධාරිතාව, පරිසර හිතකාමී නිමැවුම ආදී සියලු අංශයන් තුළින් Lumala සමාගමේ තිරසර කේන්ද්‍රී වැඩසටහන පිළිබිඹු කෙරෙන අතර, මෙරට කසළ කළමනාකරණය වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් මෙමඟින් ලබාදීමට පළාත් පාලන ආයතන, ප්‍රජා සංවිධාන සහ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවන්ට එළඹීමට සමාගම අපේක්ෂා කරයි.

t

o

p