උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

February 26, 2024

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඉදිරි කාලසීමාවේදී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුණු පසුව ඒ අනුව කටයුතු කිරීමට ක්‍රියාකරන බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කරන ලද කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ බවයි.

t

o

p