විදෙස් ණය ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක්

February 17, 2024

මේ වන විට ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා තිබෙන එක්සත් ජන­පද ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය කන්ද­රාව ආපසු ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක් රජය සැල­සුම් කර ඇති බවත්, අවු­රුදු පහත් හයත්, අවු­රුදු හයත් විස්සත් සහ අවු­රුදු විස්සෙන් ඉදි­රි­යට ලෙස මේ තුන් වැදෑ­රුම් සහන පැකේ­ජය ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කොට ඇති බවත් ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය විසින් විදේ­ශීය ණය හිමි­යන්ගේ සහ­යෝ­ගය ඇතිව මේ ණය ආපසු ගෙවීමේ සහන කාල­යක් ලබා ගැනී­මට කට­යුතු කර­මින් සිටී. ‍මේ සහන කාලය ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය එක­ඟ­තාව ලබා ගැනීමේ සාකච්ඡා වට ගණ­නා­වක් මේ වන විට සාර්ථ­කව පවත්වා තිබේ. ඒ එක­ඟතා ලබා ගත හැකි වුව හොත් රජ­යට විදේශ ණය­ව­ලින් 37%ක් වසර 5-6 කාලය තුළ ගෙවී­මට අව­ස්ථාව ලැබෙන අතර, 51%ක් ඉදිරි වසර 6-20ත් අතර කාලය තුළ ගෙවී­ම­ටද, ඉතිරි 12%ක ණය ප්‍රමා­ණය වසර 20කින් එපිට කාල­ය­කින් ගෙවී­ම­ටද අව­ස්ථාව හිමි වන ලෙස මෙය සැල­සුම් කර තිබේ.

මේ අන්ද­මට ණය ආපසු ගෙවීමේ සහන කාල පැකේ­ජ­යක් සකස් කිරී­මට ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් ලොව පිළි­ගත් විද්වත් උප­දේ­ශක සමා­ගම් දෙකක් කට­යුතු කර­මින් සිටින අතර, විදේශ ණය හිමි­යන් සමඟ කතිකා කොට ණය ආපසු ගෙවීම කල් දමා­ගැ­නී­මට ක්ලීෆර්ඩ් හාන්ස් සමා­ග­මත් ණය හිමි­යන් සමඟ කථිකා කොට නීති­මය කට­යුතු සඳහා ශ්‍රී ලංකා රජ­යට සහාය වීමට ලසාර්ඩ් සමා­ගම්ත් තෝරා­ගෙන ඇතැ­යිද ඇමැ­ති­ව­රයා කීවේය. කව­රකු බල­යට පත් වුවත්, කුමන ජනා­ධි­ප­ති­ව­ර­යකු වුවත් මේ එඟ­ක­තා­වන්ට අනුව ණය ආපසු ගෙවී­මට කට­යුතු කළ යුතු බව ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

t

o

p