ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක් දිවයිනට

February 17, 2024

කළමනාකරණය සහ සම්පත් සඳහා වු ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර් වර්මා මහතා මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

හෙට ආරම්භ වන ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මහතා ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් වල සංචාරය නිම කොට ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.

එහිදී මෙරට රජයේ උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත අතර කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය නිරීක්ෂණයට ද ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සූදානමින් සිටියි.

t

o

p