ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අද (17) ආරම්භ වෙයි

February 17, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (17) දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

නව LED විදුලි ආලෝක කුළුණු පද්ධතියක් සවිකල මෙරට පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දඹුල්ල වන අතර නවීකරණ කටයුතුවලින් පසුව පැවැත්වෙන පළමු තරගය මෙය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලෙස ඉතිහාසගත වේ.

විස්සයි විස්ස පළමු තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බවත් අද තරගය රාත්‍රි 7.00ට ආරම්භ කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

t

o

p