මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට

February 28, 2024

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ජනවාරි මාසයේ දී 2.3% කින් ඉහළ ගොස් තිබේ.

එය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 4392 සිට ඩොලර් මිලියන 4491 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම විදේශ වත්කම් සංචිත අතර චීන මහ බැංකුවෙන් ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වෙයි.

කෙසේවෙතත් එය භාවිත කිරීමේ දී කොන්දේසි පවතින බවයි මහ බැංකුව සඳහන් කරයි.

t

o

p