Business

සංචාරක ව්‍යාපාරයේ දියුණුවට එන “Pekoe trail”

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත “Pekoe trail” ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ. “Pekoe trail” ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියට Read More

සීනි වංචාවට වහාම ක්‍රියාමාර්ගයක් ගැනීමට කාරක  සභාවෙන් උපදෙස්

විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින් නියමිත බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ විය. 2020 ඔක්තෝම්බර් 13 දිනැති 2197/12 ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින් Read More

මෙම වසර අවසානයට පෙර ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක්

ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) මේ වසර අවසන් වන විට මෙරටට හඳුන්වා දෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය මහතා පවසයි.  විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමේ මූලික වැඩසටහන් සහ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි ද අවසන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.  නව විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය අනෙකුත් රටවල් අතර Read More

VAT ගෙවන ආයතනවලට දැනුම්දීමක්

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බදු පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ නම්, වැට් බදු ලියාපදිංචි සහතිකය සැමට පෙනෙන පරිදි තම වෙළඳසැල හෝ ආයතනය තුළ ප්‍රදර්ශනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වැට් බදු ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය නොකරන්නේ නම්, එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාධාවක් නොමැති බවද Read More

මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේදී නව ආයෝජන කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ස්විස්ටර්ලන්තයේදී පැවති ලෝක ආර්ථික සමුළුවේ පාර්ශ්වකරුවන්ගේ සංවාදයේ විද්වත් සාකච්ඡාවකට එක් වෙමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, කෘෂි නවීකරණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති බවත් ඒ Read More

ඛනිජතෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ දත්ත පද්ධතිය ආශ්‍රිතව විගණනයක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අක්‍රමිකතාවයන් සිදු වූවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම ටෙන්ඩර් කැඳවා KPMG ආයතනය මගින් වෝ වහාරික විගණනයක් ආරම්භ කරමින් මේ මොහොත දක්වා දත්ත Read More

මුදල් ඩිජිටල්කරණය සඳහා වූ ක්‍රියාවලිය අධ්‍යයනය කොට වාර්තාවක් ලබා දෙන්නැයි මහ බැංකුවට උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුව “Lanka Pay” පද්ධතියේ සිට Central Bank Digital Currencies (CBDCs) දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බවත්, මේ වසර අවසානයේ එහි අවසාන අදියරයට පැමිණෙන බවත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මූල්‍ය වෙළෙඳපොළ සඳහා විද්‍යුත් මුදල් ක්‍රමයක් හඳුන්වා දීම හා බ්ලොක්චේන් තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන පිළිබදව අවධානය

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නීතිපතිතුමාගේ සහභාගීත්වයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පසුගියදා (09) පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම රැස්වීම පැවැත්වූ අතර පසුගිය දෙසැම්බර් 13 වැනිදා Read More

විදෙස් ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කරන්නේ එය පෙර වසරට සාපේක්ෂ ව 57.5%ක වැඩි වීමක් බවයි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2023 දෙසැම්බරයේ වාර්තා Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ 25% කින් වර්ධනය වෙයි

රටේ ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය 2023 වසරේ දී සියයට 25.5 ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. පසුගිය 2023 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ ‌දෙසැම්බර් මස 29 වන සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කරන ලද දෛනික ගනුදෙනු සටහන් වාර්තාව මඟින් මේ බව පෙන්වා Read More

t

o

p