ලංකාවට තුන්වැනි වාරිකය ලබා දීමට IMF එකඟතාව පළ කරයි

June 13, 2024

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන් වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇතැයි විදේශ අමාත්‍ය අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කරයි.

එහි වැඩිදුරටත්, “මෙම ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට අපගේ කැපවීමට සාක්ෂියකි.” යනුවෙන්ද සඳහන් ‍වේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට හිමිවේ.

t

o

p