කර්මා­න්ත­ක­රු­වන්ට අඩු පොලි­යට ණය දෙන නව සංව­ර්ධන බැංකු­වක්

June 20, 2024

මෙරට කර්මා­න්ත­ක­රු­වන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබා­ දීම වෙනු­වෙන් නව සංව­ර්ධන බැංකු­වක් ආරම්භ කිරී­මට අපේක්ෂා කරන බවත් එම­ඟින් කර්මා­න්ත­ක­රු­වන්ට අඩු පොලි­යට ණය ලබා ගැනී­මට අව­ස්ථාව සැල­සෙන බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ඒ කට­යුතු ඉදි­රි­යට ගෙන­යෑම වෙනු­වෙන් ආර්ථික කොමි­ස­මක් ඇති කරන අතර සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් ශක්ති­මත් කිරීම වෙනු­වෙන් “එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා“ නමින් නව ආය­ත­න­යක් පිහි­ටු­වන බව ද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැ­ත්වෙන ඉන්ට­නැ­ෂ­නල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රද­ර්ශ­නය ඊයේ (19) පෙර­ව­රුවේ විවෘත කර­මිනි.

කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහ­තාගේ උප­දෙස් පරිදි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ මෙහෙ­ය­වී­මෙන්, කර්මාන්ත සංව­ර්ධන මණ්ඩ­ලය විසින් සංවි­ධාන කළ මේ ප්‍රද­ර්ශ­නය අද සිට ජූනි 23 වැනි දින දක්වා බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

විවිධ රට­වල් නියෝ­ජ­නය කර­මින් ජාත්‍ය­න්තර කර්මාන්ත ව්‍යව­සා­ය­ක­යන් මෙන්ම දේශීය මහා පරි­මාණ හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් දහ­ස­කට අධික පිරි­සක් මීට එක්ව සිටිති. මෙය ප්‍රද­ර්ශන කුටි 1307කින් සම­න්විත අතර හරිත කර්මාන්ත කලා­ප­යක් ලෙස වෙනම පරි­ශ්‍ර­යක් පළමු වරට ප්‍රද­ර්ශ­න­යට එක් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි. මේ ප්‍රද­ර්ශන කාලයේ හරිත කර්මා­න්ත­ක­ර­ණය පිළි­බඳ පර්යේ­ෂ­ණා­ත්මක විද්වත් සමු­ළු­වක් ද පැවැත්වේ.

“ඉන්ට­නැ­ෂ­නල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” ප්‍රද­ර්ශ­නය විවෘත කළ ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රද­ර්ශ­නය නැර­ඹී­මට ද එක් විය.

Ceylon Plaza පරි­ග­ණක යෙදුම හඳු­න්වා­දීම ද මීට සම­ගා­මීව සිදු කෙරිණි.

අන­තු­රුව පැවති උත්සව සභාව අම­ත­මින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේ පැව­සීය. රටේ සංව­ර්ධ­නය වෙනු­වෙන් ක්‍රියා­ත්මක කරන සෑම කට­යු­ත්ත­ක­දීම අධි­ක­ර­ණ­යට යෑමට ඇතැ­මුන් පුරුදු වී ඇති බව කීය. එසේ කිරී­මෙන් රට සංව­ර්ධ­නය කළ නොහැකි බවත්, ජාතික ප්‍රති­ප­ත්ති­යක් ඔස්සේ රට ඉදි­රි­යට ගෙන යා යුතු බවත් ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

ඇමැති රමේෂ් පති­රණ මහතා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංව­ර්ධ­නය පිළි­බඳ විශේෂ අව­ධා­න­ය­කින් කට­යුතු කර­නවා. එහි එක් පිය­ව­රක් ලෙස මේ කර්මාන්ත ප්‍රද­ර්ශ­නය හඳු­න්වා­දිය හැකියි. මෙය මෙරට පැවැ­ත්වෙන විශා­ලම ප්‍රද­ර්ශ­න­යයි.

පසු­ගිය කාලයේ දී අප රට බංකො­ලොත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඉදිරි සති කීපයේ අප බංකො­ලොත් රටක් යන ලේබ­ල­යෙන් සම්පූ­ර්ණ­යෙන් නිද­හස් වෙනවා. ඊට අදාළ ගිවි­සු­මට ද ඉදිරි සති කීපයේ එළැ­ඹී­මට නිය­මි­තයි. මේ සමඟ පෞද්ග­ලික ණය­ක­රු­වන් සමඟ සාකච්ඡා කිරී­මත් පහ­සුයි. එසේ­නම් වසර දෙකක කාල­ය­කදී අප මේ කට­යුත්ත කර තිබෙ­නවා.

නමුත් අපට මෙයින් සෑහී­ම­කට පත් විය නොහැ­කියි. අප මේ ණය නැවත ගෙවන්නේ කොහො­මද කියා අව­ධා­නය යොමු කළ යුතුයි. අප දීර්ඝ කාල­යක් තිස්සේ ගත් ණය ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා 2042 වසර වන තෙක් කාලය ලබා ගැනී­මට බලා­පො­රොත්තු වෙනවා.

ඒ වගේම අප ආන­යන ආර්ථි­ක­යක් නිසා ආන­යන වෙනු­වෙන් මුදල් ගෙවිය යුතුයි. ඒ සඳහා අපට විදේශ විනි­මය නැහැ. ඒ නිසා නැවත ණය ගැනී­මට සිදු වෙනවා. මේ ක්‍රමය ක්‍රියා­ත්මක කළොත් තවත් වසර 15-20 කින් අපට නැව­තත් ආර්ථික අර්බු­ද­ය­කට මුහු­ණ­දී­මට සිදු වෙනවා. ඒ නිසා අප අප­න­යන ආර්ථි­ක­යක් බවට පරි­ව­ර්ත­නය වීමට කට­යුතු කර­මින් සිටි­නවා.

අප­න­යන ආර්ථි­ක­යක් කරා පරි­ව­ර්ත­නය වීමේදී නිෂ්පා­දන ආර්ථි­ක­යට ප්‍රධාන තැනක් හිමි වෙනවා. එහිදී නිර්මා­ණය වන ආර්ථි­කය තර­ග­කාරී මෙන්ම ඩිජි­ටල් ආර්ථි­ක­යක් විය යුතුයි. ඒ වගේම කාබන් විමෝ­ච­නය ශූන්‍ය කිරීමේ ගෝලීය ඉල­ක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථි­ක­යක් බවට ද අප පරි­ව­ර්ත­නය විය යුතුයි. මේ රාමුවේ අප කට­යුතු කළ යුතුයි.

එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත ඒ සැල­සුම් ඔස්සේ ඉදි­රි­යට ගෙනා යුතුයි. එක රැය­කින් කිසි­ව­කුට තර­ග­කා­රි­ත්ව­යක් ඇති කරන්න බැහැ. අපේ අස­ල්වැසි රට වන ඉන්දි­යාවේ මේ වන විට විශාල කර්මාන්ත දියු­ණු­වක් වෙමින් තිබෙ­නවා. තමි­ල්නාඩු, තෙල­ඟනා, ආන්ද්‍රා ප්‍රදේ­ශ­වල ඒ දියු­ණුව ඇති වී තිබෙ­නවා. අපත් ඒ සමඟ සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙ­කුත් රට­වල් සමඟ මේ හා සම්බ­න්ධව කට­යුතු කිරී­මට අප බලා­පො­රොත්තු වෙනවා. ඒ නිසා පළ­මුව කළ යුත්තේ කර්මාන්ත තර­ග­කාරී තත්ත්ව­යට ගෙන ඒමයි. ඒ පිළි­බඳ රජ­යෙන් දිය යුතු සියලු සහ­යෝ­ගය ලබා දීමට පිය­වර ගෙන තිබෙ­නවා.

මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනු­වෙන් සංව­ර්ධන බැංකු­වක් ඇති කිරී­මට අප සාකච්ඡා කර­මින් සිටි­නවා. 1960දී අපට DFCC බැංකුව තිබුණා. ඒ වගේම 1980දී NDB බැංකුව ආරම්භ කළා. පුද්ග­ලී­ක­ර­ණ­යෙන් පසු මේ බැංකු දෙකම අපේ රටේ තිබෙන ප්‍රධාන වාණිජ බැංකු බවට පත්ව තිබෙ­නවා. එදා මේ බැංකු නොති­බුණා නම් ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඇඟ­ලුම් කර්මාන්ත ශාලා 200 වැඩ­ස­ට­හන සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා අලුත් බැංකු­වක් ආරම්භ කිරී­මට අප අපේක්ෂා කර­නවා.

එහිදී පොලී අනු­පා­තය අඩු මට්ට­මක තබා­ගත යුතුයි. ඒ වගේම මේ කට­යුතු ඉදි­රි­යට ගෙන­යෑම වෙනු­වෙන් ආර්ථික කොමි­ස­මක් ද ඇති කර­නවා. අනෙ­කුත් මධ්‍යම පරි­මාණ සහ සුළු පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් වෙනු­වෙන් එන්ට්‍ර­ප්‍ර­යිස් ශ්‍රී ලංකා නමින් අලුත් ආය­ත­න­යක් ඇති කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ රටේ සියලු කර්මා­න්ත­ක­රු­වන්ට සහාය ලබා­දීම වෙනු­වෙන් මේ ආය­තන පද්ධ­තිය නිර්මා­ණය කර­නවා. ඊළඟ වසර 5–10 තුළ අප මේ මාර්ගයේ ඉදි­රි­යට ගමන් කළ යුතුයි.

ඒ වගේම බංග්ලා­දේ­ශය, මිය­න්මා­රය වැනි රට­ව­ලට ගොස් එහි නිෂ්පා­දන කට­යුතු කිරී­මට අපට අවශ්‍ය නම් ඒ පිළි­බ­ඳ­වද ඉදි­රි­යේදි අව­ස්ථාව ලබා ගැනී­මට හැකි­යාව තිබෙ­නවා. අපේ ප්‍රති­ප­ත්තිය මෙයයි. මේ කට­යුතු කරන අත­රම අප ඉන්දි­යාව සම­ඟත් වැඩ කට­යුතු කර­ගෙන යනවා. මම ඒ පිළි­බඳ නරේන්ද්‍ර මෝදි අග­මැති සමඟ සාකච්ඡා කළා. ඒ වගේම හෙට ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා සම­ඟත් ඒ පිළි­බඳ සාකච්ඡා කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. මෙරට සූර්ය බලය සහ සුළං බලය භාවිත කිරීම සහ හරිත හයි­ඩ්‍ර­ජන් ලබා ගැනීම පිළි­බඳ ඉන්දි­යාව සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරී­මට අපේක්ෂා කර­නවා. උතුරු මුහුදේ එම වාසිය ලබා ගැනී­මට අප බලා­පො­රොත්තු වෙනවා. අදානි සමා­ගම ලංකා­වට පැමි­ණියේ එහි පළමු පිය­වර ලෙසයි. අප මේ නව මාර්ගයේ ගමන් කළ යුතුයි.

නමුත් හැම කට­යු­ත්ත­ක­දීම අධි­ක­ර­ණ­යට යෑමේ සිරි­තක් අපේ රටේ ඇතැම් අයට තිබෙ­නවා. එහි වාසිය ලැබෙන්නේ නීති­ඥ­යන්ට පම­ණයි. අධි­ක­ර­ණ­යට ගිය පම­ණින් රට සංව­ර්ධ­නය කරන්න බැහැ. අපේ ජාතික ප්‍රති­ප­ත්තිය අනුව අප ඉදි­රි­යට යා යුතුයි. මේ කර්මාන්ත ඉදි­රි­යට ගෙන­යෑම වෙනු­වෙන් සියලු දෙනා සාකච්ඡා කරන නව වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කරන ලෙස මා කර්මාන්ත ඇමැ­ති­ව­ර­යාට උප­දෙස් දී තිබෙ­නවා. ඒ කට­යුතු ශක්ති­මත් කිරීම වෙනු­වෙන් ආර්ථික පරි­ව­ර්තන නීතිය අප පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

සෞඛ්‍ය සහ කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා –

2022 වසර ශ්‍රී ලංකා­වට ආර්ථික වශ­යෙන් ඉතා­මත් අප­හසු වස­රක් වුණා. නමුත් මෙරට සියලු කර්මා­න්ත­ක­රු­වන් විවිධ බාධක මැද වුවද කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටු­වී­මට කට­යුතු කිරීම මම ඉතා අගය කර­නවා. ඒ වෙනු­වෙන් ජාතියේ ප්‍රණා­මය ඔවුන්ට හිමි­විය යුතුයි. වත්මන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කර්මාන්ත ඇමැ­ති­ව­ර­යාව සිටි­යදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය වැඩි දියුණු කිරී­මට විශාල වැඩ කොට­සක් ඉටු කළා. ඇඟ­ලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සහ නිද­හස් වෙළෙඳ ගිවි­සුම් ඇති කර ගනි­මින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රව­ර්ධ­නය කිරී­මට එතුමා විශාල කැප­වී­ම­කින් කට­යුතු කළා. මේ වන විට ශ්‍රී ලංකාවේ අප­න­යන බහු­ත­රය සීමා වී තිබෙන්නේ ඇඟ­ලුම් අප­න­යන සහ වැවිලි කර්මා­න්ත­යට සම්බන්ධ නිෂ්පා­ද­න­ව­ලින් පම­ණයි. නමුත් රටක් ලෙස අපට ඉදි­රි­යට යෑමේදී ආහාර තාක්ෂ­ණය, ඖෂධ නිෂ්පා­ද­නය, අසු­රු­ම්ක­ර­ණය, මෝටර් රථ එක­ලස් කිරීම් ඇතුළු අංශ ගණ­නා­වක විශාල විභ­ව­යක් තිබෙන බව මේ ප්‍රද­ර්ශ­න­යෙන් පිළි­බිඹු වෙනවා. ජාති­යක් ලෙස අපට තිබෙන මේ ශක්තිය ඉදි­රි­යට ගෙන යෑමට අප කට­යුතු කළ යුතු අතර ජනා­ධි­පති ඒ පිළි­බඳ විශේෂ අව­ධා­න­ය­කින් කට­යුතු කරන බව කිව යුතුයි.

t

o

p