Business

මෙම වසරේ පළමු මාස හයේ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එමෙන්ම මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක අපනයන ආදායමක් ලබා ඇති බවයි ඔහු පැවසුවේ. ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් Read More

සතොසෙන් මිලියන 93ක ශුද්ධ ලාභයක්

ලංකා සතොස සමාගම 2024 පළමු මාස හය තුළ මිලියන 93ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව නිවේදනය කරයි. ලංකා සතොස සමාගමේ මූල්‍යමය තත්ත්වයන්හි විනිවිද භාවය මහජනතාව දැනුවත් කිරීම සඳහා සියලු තොරතුරු වෙබ් අඩවිය (www.lankasathosa.org) හරදා දන්වා තිබේ. ඒ අනුව 2005 වසරේ ආරම්භ කළ සතොස සමාගමේ 2024 පළමු කාර්තු දෙක තුළ මිලියන 26774ක ශුද්ධ ආදායමක් උපයා ඇති Read More

රුපියල 8.4%කින් වර්ධනය වෙයි

මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ මුල් ප්‍රතිපත්ති වාර්තාව අනුව උද්ධමනය ද 5%ක මට්ටමක පවතිනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙයි. ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි. මේ අතර ජූලි Read More

ඉන්දු – ශ්‍රී ලංකා පළමු මගී යාත්‍රාව දිවයිනට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වූ මගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව ඊයේ (16) දිවයිනට ළඟා වුණි. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා යාත්‍රා කළ මෙම යාත්‍රාවේ මගීන් 41ක් ගමන් ගෙන තිබුණි. මෙම යාත්‍රාව සෑම දිනකම උදෑසන 8 ඉන්දියාවේ නාගපට්නම්වලින් පිටත්වන අතර එය ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට සවස 2ට නැවත ගමන් අරඹයි.

රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 294.54ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 303.82ක් ලෙස සටහන් වුණි.

පළමු මාස 07 තුළ විදෙස් ප්‍රේෂණ ඉහළට

2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2024 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 3.71ක් මෙරටට ලැබී ඇත. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3%ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

IMF තෙවැනි වාරිකය ලබන වසරේ මුල් කාර්තුවේදී ලැබේවි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. තෙවැනි වාරිකය දීමට අදාළව ජනාධිපතිවරණයෙන් පසුව සමාලෝචනය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවැසීය. කෙසේ නමුත් තෙවැනි වාරිකය ලැබීමට නියමිත කාලය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ එම සමාලෝචනයෙන් අනතුරුව බවද Read More

යාපනයේ ඉඳන් චෙන්නායි යන්න අලුත් ගුවන් යානයක්

ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වා ගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතයි. ඉන්ඩිගෝ ගුවන් සේවයට (Indigo Airlines) අයත් එක් ගුවන් යානයක් පළමු අදියරය යටතේ සේවයට එක්වන අතර, එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළෙන් පස්වරු 1.55ට පිටත් වී පස්වරු 3.10ට යාපනය ගුවන් තොටුපළට ළඟා Read More

මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයට වෙනස්කම් රැසක් ඉදිරියේදී

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සමග පසුගියදා පැවති හමුවකදීයි. එහිදී විවිධ වෙළෙඳනාමයන් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ Read More

මිල ප්‍රදර්ශනය කරනව නම් විතරක් භාණ්ඩ ගන්න

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පවසයි. බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තව දුරටත් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කරයි. බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා Read More

t

o

p