ලිදුල තලවකැලේ නගරාධිපති එක්සත් ජාතික පක්ෂයට

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලිඳුල තලවකැලේ නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුලු මන්ත්‍රීවරු 10  දෙනෙකු ඊයේ (12)  දින එක්සත් ජාතික පක්ෂයට එකතු විය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාද එක් විය. මේ සමගම ලිඳුල තලවකැලේ නගරසභාව එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් ලෙස පිහිටුවන ලදී

බාලදක්ෂ කර ලේන්සුව කතානායකට පළදයි

සියවස් සමරු බාලදක්ෂ පදක්කම සහ බාලදක්ෂ කර ලේන්සුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැලඳවීම ඊයේ පස්වරුවේ (12) කථානායක කාර්යාලයේ දී පැවැත්විනි. මෙම අවස්ථාවට සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ ශ්‍රී ලංකා සභාපති නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ නියෝජ්‍ය සභාපති පත්මකුමාර සමරවීර ශ්‍රී ලංකා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණසේකර ,මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න, සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ Read More

ශ්‍රීලනිපයේ 16 ක් ඡන්දය දෙන්න නොපැමිණෙයි නොපැමිණි ලැයිස්තුව මෙන්න

අය වැය ඡන්ද විමසිමේද මන්ත්‍රීවරු 29 ක් ඡන්දය ප්‍රකාශ කිරිමට නොපැමිණි අතර ඉන් ශ්‍රීලනිප මන්ත්‍රී සංඛ්‍යාව 16 කි. එම ලැයිස්තුව මෙසේය. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ෆයිසර් මුස්තාපා, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, වීරකුමාර දිසානායක, එස්.බි දිසානායක යන ශ්‍රිලනිප මන්ත්‍රීවරු වෙති. මීට Read More

අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි. ශ්‍රීලනීප කණ්ඩායම ඡන්දය දිමෙන් වැලකෙයි. ඒකාබද්ධ ජවිපෙ විරුද්ධයි.

විසර්ජන පනත හෙවත් 2019 අය වැය ලේඛනයේ දෙවනවර කියවීමේ ඡන්ද විමසිමේදි වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදි අද (12) සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 76 ක් ලැබීමෙන් වැඩි ඡන්දයෙන් සම්මත කෙරුනි. විවාදය අවසානයේ අය වැයට දෙවනවර කියවිමේ විවාදයට ඡන්දයක් අවශ්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ඡන්ද Read More

ආයතන තුළ විසදා ගත හැකි ප්‍රශ්න නිපතිට එවීමෙන් එහි තදබදයක් ඇති වෙලා – තලතා

රජයේ ආයතන තුළ විසදාගත හැකි සුළු කාරනා සම්බන්ධයෙන් පවා නීතිපති මතය විමසීම නිතිපති දෙපාර්තමේන්තුවේ අධික තදබදයක් නිර්මාණය වී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමති තලතා අතුකෝරල මහත්මිය  අද (12දා)  පාර්ලිමේන්තුවේදී පැවසුවාය. එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේබව පැවසුවාය. මේ හේතුවෙන් නීතිපති මතය විමසීම සඳහා රජයේ ආයතන Read More

ඩොලර් මිලියන 3 ක් ගැනීම සදහා සියයට 8.5 ක පොලිසය බැදුම්කරයක් නිකුත් කරලා – රවි

ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් ලබා ගැනීම සඳහා සියයට 8.5ක පොලියට ජාත්‍යන්තර බැදුම්කරයක් නිකුත්කිරීම මගින් ශ‍්‍රී ලංකා මහ බැංකුව රජය නොමග යවා ඇති බව විදුලි බල හා බලශක්ති ව්‍යාපාර සංවර්ධන රවී කරුණානායක මහතා  අද (12දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේබව සඳහන් කළේය. කළාපයේ අනිකුත් රටවල්ද මෙවැනි බැදුම්කර නිකුතු සිදුකර ඇතත් ඒ Read More

ඩෙංගු මදුරු මර්ධනයට රටපුරා මර උගුල් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

ඩෙංගු මදුරු මර්ධනය සඳහා බෙහෙත් යෙදු මදුරු උගුල් රටපුරා ඇතිකිරීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති ෆයිසල් කාසීම් මහතා අද (12දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප‍්‍රශ්නයකට පිළීතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. මෙවැනි මදුරු උගුල් ඉන්දියාවේ ක‍්‍රියාත්මක බවත් එය සාර්ථක ක‍්‍රමයක් වනු ඇති බව තමන් විශ්වාස කරන Read More

නිරෝෂන්ට රුසියාවෙන් සම්මානයක්

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය  අමාත්‍ය නිරෝෂන් පෙරේරා මැතිතුමන් 2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කල “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ”  සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දෙමින් තාරුණ්‍ය වෙනුවෙන් කල සේවාව වෙනුවෙන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමන්ගේ අත්සනින් යුතු Read More

කාඩ් බෝඩ් වීරයෝ සහ සැබෑ වීරයෝ කව්ද

වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන් යටපත් කරලා සමාජය හමුවේ බොරුවට ඉස්මතු වෙන්න දඟලන වගේම ඉස්මතු වෙලා ඉන්න කාඩ්බෝඩ් වීරයො ගැනත් අමුතුවෙන් කිව යුතු නැහැනේ: ඇත්තෙන්ම වීරත්වය කියන දේ මිනිස් අපිට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. අනික් තිරිසන් සතුන් අතරේ කොහොම වුණත් මිනිස් අපගේ Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දය අය වැයට විරුද්ධවයි

අයවැය ලේඛනය සම්බන්ධයෙන් අද (12) සවස පැවැත්වෙන ඡන්ද විමසිමේදි විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. අය වැයට විරෝධය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. අද(12) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකිර්ණයේදි විපක්ෂ නායක Read More

t

o

p