ආයතන තුළ විසදා ගත හැකි ප්‍රශ්න නිපතිට එවීමෙන් එහි තදබදයක් ඇති වෙලා – තලතා

March 12, 2019

රජයේ ආයතන තුළ විසදාගත හැකි සුළු කාරනා සම්බන්ධයෙන් පවා නීතිපති මතය විමසීම නිතිපති දෙපාර්තමේන්තුවේ අධික තදබදයක් නිර්මාණය වී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමති තලතා අතුකෝරල මහත්මිය  අද (12දා)  පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේබව පැවසුවාය.
මේ හේතුවෙන් නීතිපති මතය විමසීම සඳහා රජයේ ආයතන මගින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතු කරුණු පිළිබඳ ලැයිස්තුවක් සකස්කර එම ආයතන වෙත දැනුම්දීමට කටයුතු කරන බවද අමැතිවරිය සදහන් කළාය.
,
‘පොලිස් දෙපාර්තමේන්තුවට වෙනමම නීති අංශයක් තිබියදී සුළු කාරනා පවා නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. ඊට අමතරව රජයේ නොයෙකුත් දෙපාර්තමේන්තුවලත් විස`දගන්න පුළුවන් සුළු සුළු කාරනා නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. මේනිසා නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු කරුණු පමණක් තීරණය කරලා එම දෙපාර්තමේන්තු වෙත දැනුම්දෙන්න අපි තීරණය කළා. රස පරීක්ෂක වාර්තාවක් ලබාගන්න් කියලා අධිකරණයෙන් කරන නියෝගවලට ඇතැම් වෙලාවට පොලිස් දෙපාර්තමේන්තුව මාස ගනන් ප‍්‍රමාද වෙලා යොමුකිරීම් කරන අවස්ථා තිබෙනවා. මේ නිසා එයට කාල රාමුවක් හදුන්වාදෙන්න අපි කටයුතු කරනවා. අධිකරණ නියෝගයක් ලැබී සතියක් ඇතුළත එය රසපරීක්ෂක දෙපාර්තමෙව්න්තුවට යොමුකළ යුතුයි. මේවගේ හදුනාගත්තු ගැටලූ කිහිපයක් තිබෙනවා. ඒවා හදුනාගෙන විසදුම් දෙන්න කටයුතු කරගෙන යනවා යැයි අතුකෝරළ මහත්මිය පැවසුවාය.

t

o

p