අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි. ශ්‍රීලනීප කණ්ඩායම ඡන්දය දිමෙන් වැලකෙයි. ඒකාබද්ධ ජවිපෙ විරුද්ධයි.

March 12, 2019

විසර්ජන පනත හෙවත් 2019 අය වැය ලේඛනයේ දෙවනවර කියවීමේ ඡන්ද විමසිමේදි වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදි අද (12) සම්මත විය.

අය වැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 76 ක් ලැබීමෙන් වැඩි ඡන්දයෙන් සම්මත කෙරුනි. විවාදය අවසානයේ අය වැයට දෙවනවර කියවිමේ විවාදයට ඡන්දයක් අවශ්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ඡන්ද විමසන ලදි.

එක්සත් ජාතික පක්ෂය සමග දෙමළ ජාතික සන්ධානය හා අරුමුගම් තොණ්ඩමන් මහතා අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ඒකාබද්ධ විපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

ශ්‍රිලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටින බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. එසේවුවද එම පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රියාණි විජේවික්‍රම යන අය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ඡන්දය විමසන අවස්ථාවේ 29 දෙනෙකු සභාවේ සිටියේ නැත.

මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් අය වැය ලේඛනය මාර්තු මස 05 දා ඉදිරිපත් කළ අතර අය වැය දෙවනවර කියවිමේ විවාදය 06 දා සිට 12 දා දක්වා දින 7 ක කාලයක් පැවැත්විනි.

හෙට (13) සිට අප්‍රේල් මස 05 දා දක්වා අමාත්‍යාංශ වැය ශිර්ෂ පිළිබද කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර හෙට දිනයේ ජනාධිපති අගමැති ඇතුළු වැය ශිර්ෂ, කොමිෂන් සභා වැය ශිර්ෂ, පාර්ලිමේන්තුව ඇතුළු වැය ශිර්ෂ 20 ක් විවාදයට ගැනීමට නියමිතය.

t

o

p