ඩොලර් මිලියන 3 ක් ගැනීම සදහා සියයට 8.5 ක පොලිසය බැදුම්කරයක් නිකුත් කරලා – රවි

March 12, 2019

ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් ලබා ගැනීම සඳහා සියයට 8.5ක පොලියට ජාත්‍යන්තර බැදුම්කරයක් නිකුත්කිරීම මගින් ශ‍්‍රී ලංකා මහ බැංකුව රජය නොමග යවා ඇති බව විදුලි බල හා බලශක්ති ව්‍යාපාර සංවර්ධන රවී කරුණානායක මහතා  අද (12දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේබව සඳහන් කළේය.
කළාපයේ අනිකුත් රටවල්ද මෙවැනි බැදුම්කර නිකුතු සිදුකර ඇතත් ඒ සියල්ලටම වඩා වැඩි පොලියට මෙය සිදුකර තිබීම ප‍්‍රශ්න සහගත බවද හෙතෙම පැවසීය.
තායිලන්තය සියයට 2.5 ක් , මැලේසියාව සියයට 3.7 , ග‍්‍රීසිය සියයට 3.8ක් ආදී ලෙසින් ආසන්න රටවල් සියල්ල සියයට 5 කට අඩු පොලියක සිටියදී ශ‍්‍රී ලංකාව පමණක් වැඩි පොලියකට බැදුම්කර නිකුත් කර රජය නොම`ග යවා ඇතැයි ඇමැතිවරයා කීවේය.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවද කී ඇමැතිවරයා රට සංවර්ධනය කිරීමට අවශ්‍යනම් ආණ්ඩුවේ අමතර වියදම් අඩුකළ යුතු බවද පැවසීය.

t

o

p