ඩෙංගු මදුරු මර්ධනයට රටපුරා මර උගුල් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

March 12, 2019

ඩෙංගු මදුරු මර්ධනය සඳහා බෙහෙත් යෙදු මදුරු උගුල් රටපුරා ඇතිකිරීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති ෆයිසල් කාසීම් මහතා අද (12දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප‍්‍රශ්නයකට පිළීතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
මෙවැනි මදුරු උගුල් ඉන්දියාවේ ක‍්‍රියාත්මක බවත් එය සාර්ථක ක‍්‍රමයක් වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් හෙතෙම කීවේය.
මදුරුවන් ආකාර්ශනය වන බෙහෙත් ද්‍රව්‍ය යෙදු උගුල් යෙදීමෙන් මීටර් 50 ක් ඇතුළත මදුරුවන් ආකර්ශනය කරීමට හැකියාව ඇති බවද හෙතෙම පැවසීය.

t

o

p