අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පැවැත්වීමට තීරණය කරයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01 දා සිට 11 දා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමතිවරයා මේ බව කීය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සති 6 ට Read More

මහා මාර්ගයන්හි රේස් පදින යතුරු පැදි සොයා අද සිට මෙහෙයුම්

රටේ ප්‍රධාන හා අතුරු මාර්ගයන්හි රාත්‍රී කාලයට රේස් පදින යතුරු පැදි කරුවන් සොයා අද (07) සිට විශේෂ මෙහෙයුම් රථවාහන පොලිස් මූලස්ථානය මගින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එලෙස විනෝදයට රාත්‍රී කාලයේ යතුරු පැදි වේගයෙන් ධාවනය කරන්නට සුදානම්ව සිටි පිරිසක් යතුරු පැදි සමඟ කිඹුලාවලදී ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට Read More

මහර මිය ගිය රැදවියන්ගෙන් 7 ක් හදුනා ගැනේ

මහර බන්ධනාගාරය තුළදි ඇති වූ කැරැල්ලෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකු හදුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ඔවුන් ජා ඇල, හුණුපිටිය, අගුරුවාතොට, වැලිවේරිය, එඩේරමුල්ල, මිණුවන්ගොඩ යන ප්‍රදේශවල සිට බන්ධනාගාර ගතවූවන් බවත් මොවුන් සියළු දෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවවන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. ඥාතීන් විසින් මරණ 3 ක් Read More

වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියක් – ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ

වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියක් සකසන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගිය 04 වන දින පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  පැවසීය. ඒ සඳහා උපදේශක කාරක සභාවක් ද පත් කර තිබේ. වාහන නියාමනයට අදාළ කටයුතු මධ්‍යම රජය සහ පළාත් සභා ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකිවන පරිදි නව ජාතික ප්‍රඥප්තිය සකසන බව ද අමාත්‍යවරයා කීවේය. Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් 04 කට සහ තානාපති නිලධාරිවරයෙකුට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද වෙයි. ඔහුට අමතරව ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස අචාර්‍ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතාටත් , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහාචාර්‍ය කපිල පෙරේරා මහතාටත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.එම්.පි.කේ Read More

අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප වතු කම්කරුවන්ට ලබා දීමට වැඩ පිළිවෙළක්

වතු කම්කරුවන් වෙනුවෙන්  අයවැයෙන් පොරොන්දු වූ රුපියල්  දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වතු කම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. අයවැය සම්මත වීමෙන් පසු එම වැඩපිළිවෙළ සැකසීම වහා අරඹන බවද කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. නිෂ්පාදන ධාරිතාව Read More

චීනය සඳ මත රටේ ධජය ප්‍රදර්ශනය කරයි

සඳෙහි පාෂාණ පොළවට රැගෙන එන තුන්වන රට බවට පත්වූ චීනය සඳ මත තම රටේ ධජය ප්‍රදර්ශනය කළ දෙවන රට බවට පත්විය.     ඒ චීන චැන්ගී ෆයිව් අභ්‍යවකාශ මෙහෙයුමේ දී විශේෂයෙන් සැකසූ තරු පහකින් යුත් රතු චීන ධජය සඳ මත රැඳවීමට චීනය කටයුතු කිරීමත් සමගිනි.

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය. මෙම තරඟයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 105ක් පමණය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35ක් ලබා Read More

අඛණ්ඩ වැසි හේතුවෙන් උතුරු පළාතේ පුද්ගලයින් 73,000කට පීඩා

උතුරු පළාතට අඛණ්ඩව පවතින වැසි තත්වය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 22,046කට අයත් පුද්ගලයින් 72,994 දෙනෙකු පීඩාවට පත්ව ඇත. දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ අවතැන් ජනතාව උතුරු පළාතේ ස්ථාපිත සුභසාධන මධ්‍යස්ථාන 50ක රඳවා තැබීමට පියවර ගෙන ඇති බවයි. යාපනය රෝහල් සංකීර්ණය ඇතුළු පහත් බිම්, යාපනය විශ්ව විද්‍යාලයේ රාමනාදන් කාන්තා නේවාසිකාගාරය හා නිවාස රැසක් ද ජලයෙන් යටවි Read More

කොවිඩ් මරණ ගණන 137ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් වෙෙරසය වැළදීමෙන් ම්ය ගිය ගණන 137ක්  දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27,060ක්. සුවය ලබා ඇති සංඛ්‍යාව 20,090ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,840ක් වනවා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,506ක් වනවා.

t

o

p