මහර බන්ධනාගාරය තුළදි ඇති වූ කැරැල්ලෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකු හදුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ඔවුන් ජා ඇල, හුණුපිටිය, අගුරුවාතොට, වැලිවේරිය, එඩේරමුල්ල, මිණුවන්ගොඩ යන ප්‍රදේශවල සිට බන්ධනාගාර ගතවූවන් බවත් මොවුන් සියළු දෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවවන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ඥාතීන් විසින් මරණ 3 ක් හදුනාගත් අතර ඉතිරි මරණ 4 හදුනාගනු ලැබුවේ ඩි.එන්.ඒ සහ ඇගිලි සළකුණු පරික්ෂාවෙන් බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණ නියෝගය ලැබෙන තුරු කිසිදු මෘත ශරිරයක් අදාහණය නොකරන බවද පැවසීය.
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ නායකත්වයෙන් යුතු 25 දෙනෙකුගේ කණ්ඩායමක් පරික්ෂණ පවත්වන බවත් එහිදි වෛද්‍යවරු, හෙළ නිලධාරින්, බන්ධනාගාර නිලධාරින් ඇතුළු පුද්ගලයන් 116 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් ඔහු කීවේය.
කැරැල්ල ඇතිවූ ආකාරය, ඊට අනුබල දුන් පිරිස, දේපොළ හානි කළ පිරිස පිළිබද සොයා පරික්ෂණ පවත් බන බවද පැවසීය. එසේම බන්ධනාගාර බෙහෙත් ගබඩාවේ තිබු පෙති 21000 ක් එය කඩා ලබා ගැනීම සම්බන්ධයෙන් ද පරික්ෂණ කරන බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම පෙති අන්තරායක ඖෂධ ලෙස භාවිතා කළ හැකිද යන්න ගැන විශේෂඥ අදහස් ලබාගන්නා බවද කීවේය.