අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01 දා සිට 11 දා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමතිවරයා මේ බව කීය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සති 6 ට වත් පෙර දැනට වසා ඇති පාසල් විවෘත කරන බවද හෙතෙම සදහන් කර තිබේ. වෙද්‍ය හා විශේෂඥ උපදෙස් මත මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කළේය.
මීට පෙර සාමාන්‍ය පෙළ විභාගය 20121 ජනවාරි මස 18 දා සිට 27 දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබු නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම දිනය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදි.