මහල් නිවාස සංකීර්ණ 6ක් හුදෙකලාවෙන් නිදහස්

මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක හුදෙකලාභාවය මේ මොහොතේ සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මට්ටක්කුලිය – රන්දිය උයන, මෝදර – මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනු ඇති. ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන සහ සමගිපුර මෙන්ම දෙමටගොඩ මිහිදුසෙත්පුර නිවාස Read More

අලි මිනිස් ගැටුමෙන් ලෝකයේ වැඩිම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා )අනාවරණය විය. එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් සොයාබැලීමෙන් අනතුරුව මෙලෙස අනුමැතිය ලබාදුන් බව මහ ලේකම්වරයා පැවසීය. විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය අද්මිරාල් ජයනාත් Read More

දේශපාලඥයන් මිස මානසික රෝගීන් “පිස්සු කෙළින්නේ” නෑ – මනෝ වෛද්‍යායතනයේ හිටපු සභාපති, විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වයට හේතුව බන්ධනාගාර රැඳවියන් යම්කිසි පෙති වර්ගයක් පානය කිරීම නිසා බවට තමන් කළ ප්‍රකාශය සත්‍ය බවත් එම බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් නිකුත් කළ වීඩියෝ පට නරඹන ඕනෑම මෝඩයෙකුට ඒ බව තේරුම් යා යුතු බවත් වත්මන් රජයේ ප්‍රබල ඇමති වරයෙක් මාධ්‍යයට කීය. ඒ සමඟම දේශපාලන ක්ෂේත්‍රයෙන් මතු වූ Read More

මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමඟ ඔන්ලයින් සාකච්ඡාවක්

පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්විනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ කථානායක ධූරය වෙනුවෙන් මුලසුන හොබවන සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක Read More

සුර‍ාබදු දෙපාර්තමේන්තුවට මෙතෙක් නොලද හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් – රජයේ ගිණූම් කාරක සභාව.

පසුගිය 2019 දෙසැම්බර් වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් බව ඊයේ දින පාර්ලිමේන්තුවේදි පැවති ගිණුම් කාරක සභාවේදි අනාවරණය විය. 2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 ඉක්මවා ලැබීමට නියමිතව නිබූ හිඟ බදු මුදල් එකතුව රු. මිලියන 479.9 වූ අතර, එහි ප්‍රමාද ගාස්තුව Read More

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන්න

පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් රැඳවියන් 11 දෙනෙක් ඝාතනයට ලක් කිරීම හා රැඳවියන් 107 දෙනෙක්ට තුවාල සිදු කිරීම පිළිබඳ වදහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතු‍වේ දැඩි අවධානය යොමු වී ඇත. ප්‍රථමයෙන්ම එකී සිදුවීම හේතුවෙන් මිය ගිය රැඳවියන්ගේ ඥාතීන් වෙත අපගේ බලවත් ශෝකය පළ කරන අතර තුවාල Read More

ලොව වඩාත් බලවත්ම කාන්තාවන් 100 අතරට ලංකාවේ නමක්

Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක ඇතුලත්ව සිටිනවා. ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවනවා. ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිණියයි. ජර්මන් චාන්සෙලර් ඇන්ජෙලා මාකේල් මෙවරද ලොව වඩා බලවත්ම කාන්තාව ලෙස නම්කර තිබෙනවා. දෙවන ස්ථානය හිමිව ඇත්තේ යුරෝපා මහ Read More

පෙරපාසලට ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පෙරපාසල් සඳහා විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය සහිත කමිටු වාර්තාව ලබන 11 වැනිදා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට නියමිත බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එම පනත මඟින් පෙර පාසල් දරුවන්ගෙන් Read More

අසාර්ථක වූ ˝ ඉ- විශ්‍රාමවැටුප් ˝ ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 278ක් – කොප් කමිටුව

සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රාමවැටුප් ˝ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කොප් කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය. රජය ලබාදුන් මුදල් යොදාගනිමින් I.C.T.A ආයතනයට මෙම ව්‍යාපෘතිය සඳහා වන දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය Read More

t

o

p