අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

December 10, 2020

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් සොයාබැලීමෙන් අනතුරුව මෙලෙස අනුමැතිය ලබාදුන් බව මහ ලේකම්වරයා පැවසීය.

විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාත්, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යූ.ඩී.සී. ජයලාල් මහතාත් මෙලෙස අනුමත වී තිබේ.

මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්තන් මහතාද සහභාගී වි සිටියහ. 

t

o

p