පෙරපාසලට ජාතික ප්‍රතිපත්තියක්

December 9, 2020

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පෙරපාසල් සඳහා විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය සහිත කමිටු වාර්තාව ලබන 11 වැනිදා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට නියමිත බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම පනත මඟින් පෙර පාසල් දරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තු සහ ගුරුවරුන් ගේ සුදුසුකම් නියාමනය කිරීමට යෝජිත බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මේවනවිට මෙරට පෙරපාසල් 19668ක් ක්‍රියාත්මක වන අතර මේ වනවිට පෙර පාසල් 1482ක් වැසී ගොස් ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

පෙරපාසල් ගුරුවරුන් හට වෘත්තියභාවයක් ඇති කර ගැනීමටත් ඉදිරියේදී පෙරපාසල් පනතක් මගින් එම ක්ෂේත්‍රය නියාමනය කරන බවද වැඩිදුරටත් පැවැසීය.

t

o

p