ලොව වඩාත් බලවත්ම කාන්තාවන් 100 අතරට ලංකාවේ නමක්

December 9, 2020

Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක ඇතුලත්ව සිටිනවා.

ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවනවා. ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිණියයි.

ජර්මන් චාන්සෙලර් ඇන්ජෙලා මාකේල් මෙවරද ලොව වඩා බලවත්ම කාන්තාව ලෙස නම්කර තිබෙනවා.

දෙවන ස්ථානය හිමිව ඇත්තේ යුරෝපා මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාටේටයි.

අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් තෙවන ස්ථානයේ පසුවනවා.

t

o

p