මහල් නිවාස සංකීර්ණ 6ක් හුදෙකලාවෙන් නිදහස්

December 12, 2020

මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක හුදෙකලාභාවය මේ මොහොතේ සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මට්ටක්කුලිය – රන්දිය උයන, මෝදර – මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනු ඇති.

ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන සහ සමගිපුර මෙන්ම දෙමටගොඩ මිහිදුසෙත්පුර නිවාස සංකීර්ණ ද හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

t

o

p