හෝටල් හිමියෝ ජනපතිට ලියති

December 12, 2020

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රජයේ වාණිජ බැංකු වලින් ලබාදුන් ණය මුදල් නැවත ගෙවීමේදී ඒ සඳහා අය කරනු ලබන පොලී මුදල සඳහා සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති සංචාරක කර්මාණ්තය යලි ක්‍රියාත්මක කිරීමට රජය විවිධ යෝජනා මේ දින වල ගෙන එමින් පවත්නා අවස්ථාවක මෙම යෝජනාව රජයට කරන බව ඔවුහු ඉල්ලා සිටියහ.

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් හිමියන්ගේ හමුවකදී මෙම තොරතුරු හෙළි විය.

t

o

p