බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කර තිබේ. 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට එම නඩුව පවරා තිබුණි. Read More

ගම් වදින අලින්ට එරෙහිව ප්‍රාදේශීය ලේකම් නෝනා උදැල්ල අතට ගනී

 ශ්‍රී ලංකාවේ වන අලි තර්ජනයට ලක් ව තම ජීවිත,දේපල සහ අස්වනු විනාශ කර ගන්නා ගැමියන් එම ගැටළුවට විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව කැති- පොලු අතට ගන්නා අවස්ථා ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.එහෙත්, තම බල ප්‍රදේශයේ ජනතාව මෙම බිහිසුණු තර්ජනයෙන් මුදාගනු පිණිස උදැල්ලක් අතට ගත් ප්‍රාදේශීය ලේකම් නෝනා කෙනෙකු පිළිබඳව අපට අසන්නටලැබිණ. ඒ මිණිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා Read More

කලම්බු කිංග්ස් සූදානම්

මේ මස ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. කලම්බු කිංග්ස් කණ්ඩායමේ පළමු තරගය 26 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැත්වෙයි. කොළඹ සංචිතය: දේශීය ක්‍රීඩකයන් – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, අමිල අපෝන්සු, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, අශාන් ප්‍රියංජන්, ජෙෆ්රි වැන්ඩෙසේ, Read More

වෙබ් අඩවි නියාමනයට සුදානම් වෙයි

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී (21) එක් වෙමින් පැවසීය . පුරවැසියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී Read More

නුවර අධිවේගයේ වැඩ ඇරඹීමේ පමාවෙන් කෝටි 800ක් පාඩුවෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩකටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම හේතුවෙන් රුපියල් බිලියන 8ක (කෝටි 800) අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී 20දා හෙළි විය. මෙම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට (කෝටි 170)වැඩි Read More

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද  99කින් ඊයේ(21) පාර්ලිමේන්තුවේදී සම්මත විය. පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 සඳහා වන අයවැය යෝජනාවලියේ දෙවැනි වර කියවීමේ විවාදය 18 වැනිදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්විණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද  151ක් ද විපක්ෂව ඡන්ද  52ක් ද හිමිවිය.

තවත් කොවිඩ් මරණ 9ක්

කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ අද (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.

හෙට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන ප්‍රදේශ

හෙට(23) දිනයේ අලුයම 5.00 ට බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීම ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. නමුත් බොරැල්ල, වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර තිබේ.

මහ නායක හිමිගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (22) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද Read More

ජැක්සන්ගේ ශබ්දාගාරයේ ශබ්දපරිපාලක මරුට

ජැක්සන්ගේ ශබ්දාගාරයේ ශබ්දපරිපාලක මිය යන විට 86 හැවිරිදි වියෙහි පසුවූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.    ස්විඩන්ගේ දියණිය රොබර්ටා පැවසුවේ පවසා ඇත්තේ සඳුදා රාත්‍රියේ ඔහු නින්දෙන් මියගොස් සිටි බවයි. මරණයට හේතුව මෙතෙක් වාර්තා නොවේ.     වසර 65 කට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති ඔහු පස්වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා ඇත.  Read More

t

o

p