ගම් වදින අලින්ට එරෙහිව ප්‍රාදේශීය ලේකම් නෝනා උදැල්ල අතට ගනී

November 23, 2020

 ශ්‍රී ලංකාවේ වන අලි තර්ජනයට ලක් ව තම ජීවිත,දේපල සහ අස්වනු විනාශ කර
 ගන්නා ගැමියන් එම ගැටළුවට විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා දේශපාලනඥයන්ට සහ
 නිලධාරීන්ට එරෙහිව කැති- පොලු අතට ගන්නා අවස්ථා ශීඝ්‍රයෙන් ඉහළ යමින්
 තිබේ.එහෙත්, තම බල ප්‍රදේශයේ ජනතාව මෙම බිහිසුණු තර්ජනයෙන් මුදාගනු පිණිස
 උදැල්ලක් අතට ගත් ප්‍රාදේශීය ලේකම් නෝනා කෙනෙකු පිළිබඳව අපට අසන්නට
ලැබිණ. ඒ මිණිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹේ මහත්මියයි.

මිණිපෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරී වසම් හතලිස් අටක ජනතාව වන අලි
 තර්ජනය මත මුහුණ දෙන බරපතල ජීවිතාවදානම් සහගත තත්වයන්ට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් බිඳවැටීමට එරෙහි පියවරක් ලෙස ඇය විසින් නව වැඩ සටහනක් ඇරඹීම පිණිස මෙසේ උදැල්ල අතට ගෙන තිබේ.

ඒ දැනට මෙම ප්‍රදේශ ආවරණය වන පරිදි වන ජීවී සංරක්ෂණ
 දෙපාර්තමේන්තුව විසින් ඉදි කොට ඇති විදුලි වැට නිසි පරිදි නඩත්තු නොවීම
 සහ වන අලින් විවිධ උපායන් යොදමින් එය කඩා බිඳ දැමීම මත එම විදුලි අලි
 වැටට සමාන්තරව, සජීවී අලි වැටක් ලෙස තල් වැටක් ඉදිකිරීමේ කටයුතු  ආරම්භ
කිරීමෙනි. ඒ කිඳිගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමෙනි.

මෙහි දී කිලෝ මීටර් දෙකක දුර ප්‍රමාණයක් ආවරණය කරමින්
 සිග්-සැග් ක්‍රමයට තල් බීජ 6000 සිටුවීම ආරම්භ කරන ලදී.  දැනට මන්නාරම
 සහාකාර දිස්ත්‍රික් ලේකම් ශිවරාජා වර්ණරාසා මහතාගේ මැදිහත් වීම මත
 මඩකලපුව තල් සංවර්ධන මණ්ඩලය මඟින් මෙම තල් බීජ ලබා ගත හැකි වූ බව අප
 විසින් කරන ලද විමසුමකට පිළිතුරු දුන් මිණිපෙ සහකාර ප්‍රාදේශීය ලේකම්
 ඩී.එම්.කේ.එස්.බී දිසානායක මහතා කීය.මිනිස් ජනාවාස වෙත වන අලින්
 සංක්‍රමණය වීම වැලැක්වීම සඳහා ප්‍රතිරෝධිත ශාක සිටුවීම ආසියානු සහ අප්‍රිකානු රටවල සිදු කරනු පාරම්පරිකව සිදු කරනු ලබන ආරක්ෂක උපාය මාර්ගයකි.
 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ සඳහා තල් ගස් සිටුවීමට කටයුතු කොට ඇත්තේ එම
 වෘක්ෂ පෘෂ්ඨය,සේම වි‍යළි අතු කොලපු ආදියේ ඇති රළු,කටුක ස්වභාවය කෙරෙහි වන අලින් සංවේදී වීමට ඇති අවකාශය සලකා බලමිනි.මීට අමතරව මෙම වැඩ සටහනේ සාර්ථකත්වය අනුව තල් ආශ්‍රිත නිෂ්පාදන ඇරඹීම ඇතුළු මෙහි බහුවිධ  ප්‍රතිලාභ වසරක් දෙකක් තුළ ජනතාවට
 බුක්ති විඳීමට ලැබෙතැයි අපේක්ෂා කෙරේ. මේ සදහා  කෘෂි රක්ෂණ මණ්ඩලය
 මුල්‍යමය දායකත්වයක් ලබා දී ඇති අතර තල් බීජ ලබා ගෙන ඇත්තේ සංවර්ධන
 මණ්ඩලයේ යාපනය ප්‍රධානී ලෝහනාදන් මහතාගේ අනුග්‍රයෙනි.
 සාමාන්‍යයෙන් අප රටේ සිදුවන බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන් අසවල් දේශපාලනඥයාගේ
 ආශීර්වාදයෙන්,ආනුභාවයෙන් වශයෙන් අන බෙර ගසන යුගයක කිසිදු දේශපාලනික
 සබැඳියාවකින් තොරව සිදු කෙරුණු මිණිපෙ ප්‍රදේශීය ලේකම් නෝනා වනඅලින්ට එරෙහිව උදැල්ල අතට ගත් මෙම ව්‍යාපෘතිය සාර්ථක වුව හොත් ඒ සුජාත දරුවාට
 උප්පැන්නය දීමට බොහෝ දේශපාලන අප්පච්චිලා ඉදිරිපත් වනු ඒකාන්තය.

“දැන්එල්.ටී.ටී.ඊ යුද්දෙ ඉවර හින්දා ලංකාවේ කොහේ තල් හිටෙව්වත් ප්‍රශ්නයක්
 නැහැ කියමුකෝ.ඒත් ඔය වන අලි ප්‍රශ්නෙට තල් වෙනුවට රට ඉඳි ගස් හිටවන්න
 කියලා කවුරු හරි යෝජනා කළා නම් කොහොමට හිටීද?මෙම තල් වගා ව්‍යාපෘතිය
 ඇසීමි.එවිට ඔහු සිනාසෙමින් ඊට පිළිතුරු දුන්නේ”නෝ කමෙන්ට්ස්”යනුවෙන් පමණි.
 

තිලක් සේනාසිංහ

t

o

p