මහ නායක හිමිගේ ආදාහන පූජෝත්සවය අද

November 22, 2020

අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (22) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද (22) දහවල් 12 සිට මෙම වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවය. 

ඒ අනුව ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගන කුණ්ඩසාලේ, නත්රම්පොත 621 හංදියෙන් සහ දිගන නගරයෙන් වාහන ධාවනය සීමා කර තිබේ.

t

o

p