නුවර අධිවේගයේ වැඩ ඇරඹීමේ පමාවෙන් කෝටි 800ක් පාඩුවෙයි

November 23, 2020

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩකටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම හේතුවෙන් රුපියල් බිලියන 8ක (කෝටි 800) අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී 20දා හෙළි විය.

මෙම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට (කෝටි 170)වැඩි මුදලක් වැය කර ඇති බවත් එහිදී අනාවරණය විය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසිවැනිදා රැස්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ,රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේමනාත් සී. දොලවත්ත, රන්ජන් රාමනායක, ඩී.වී චානක යන මහත්වරු සහභාගී වුහ.

t

o

p