ඉන්දියාවේ ගංවතුර 50 කට වැඩි සංඛ්‍යාවක් මරුට

ඉන්දියාවේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 50 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. අවතැන් වූ සංඛ්‍යාව මිලියන 2ක් පමණ වන බවයි වාර්තා වන්නේ. විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මකයි. මේ අතර ඉන්දුනීසියාවේ ඇති වූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 16 දක්වා  ඉහළ ගොස් තිබෙනවා. විශාල පිරිසක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඡන්දය වගේම ජීවිතත් වැදගත්: සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකලොත් ඡන්දය තවත් කල් යයි!

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයක් මගින් රෙගුලාසි ලෙස කඩිනමින් බලාත්මක කිරීමේ නීතිමය අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය යළිත් අවධාරණය කළේය. මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මැතිවරණ පැවැත්වීම මෙන්ම ජනතාවගේ ජීවිත රැකගැනීම ද කළ යුතු බවය. වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය Read More

කතරගම වන්දනාවේ පැමිණි අයෙකුට කොරෝනා

කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගෙන ඇත. මෙලෙස කතරගම වන්දනාවේ පැමිණී ඇත්තේ රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකි. ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය, එහි හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක Read More

බස් රථවල ගමනාගමනය ආසන සංඛ්‍යාවට පමණයි

බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩවන අයුරින් කටයුතු කරන බස් රථ හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කරයි.

සෞඛ්‍ය නිර්දේශවලට පිටින් යන පිරිස් අත්අඩංගුවට

සෞඛ්‍ය අංශ විසින් හදුන්වා දී ඇති නිර්දේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ කොරෝනා මර්ධනය කිරීමේ වගකීම සමස්ථ සමාජයටම පැවැරෙන්නක් බව අවබෝධ කර ගත යුතු බවයි. බස් රථ පරීක්‍ෂා කිරීමේ විශේෂ වැඩපිළීවෙලක්ද අද සිට ක්‍රියාත්මකයි.

2021 -2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනපති නම් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනාවක්

ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන්  “අපැහැදිලි” පණිවුඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරයි. කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. කොවිඩ් වැළඳී සුවය ලැබූවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මාස කිහිපයක් තුළඳී බිඳවැටීමේ Read More

අනුරපුර සමාධි පිළිම වහන්සේ ඉදිරිපිට දුක් වේදනාවෙන් හඬා වැටෙන කොමලී

කොමලී යනු ලෝක ප්‍රකට අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අබියස දිවි ගෙවන නිවාස අහිමි සුනඛයන් කිහිප දෙනා අතුරින් එක් සාමාජිකාවකි.දුඹුරු පැහැති සුනඛ ධේනුවක වන ඇය තමන්ට ආදරය, කරුණාව පළ කරන්නවුන් ඉදිරියේ ඒ මේ අත ඇඹරෙමින් ‘කොමල පෑම’ නිසා සමාධි පිළිමය අද්දර සේවයේ නියුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියට අයත් කාර්ය මණ්ඩලය ඇයට කොමලී යනුවෙන් නම් තබා ඇත. පසුගිය Read More

ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක්

කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් රට තුළ ඇති වීම පාලනය කිරීම සඳහා කොරෝනා ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ රෝගීන් සිටින කලාපයකින් රෝගීන් නැති කලාපයකට රෝගීන් ගමන් කිරීම මේ හරහා නවතා ගත හැකි බවයි.

කොරෝනා හැදුනොත් හැදුන කෙනා මැරුණා කියමුකෝ ඒ වගේද රාජපක්ෂ වෛරසය?

කොරෝනා වෛරසය ආසාදනය වූවන් නැවත හඳුනා ගනිමින් තිබෙන මොහොතක පවත්නා සෞඛ්‍ය හේතූන් මත හෝ මැතිවරණ රැස්වීම් නතර කිරීමේ සූදානමක් සමඟි ජන බලවේගයට නොමැති බව අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.  කොරෝනා වෛරසයට වඩා රාජපක්ෂ වෛරසය බලවත් හෙයින් තම පාර්ශවයට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ වෛරසය මර්දනය කිරීම බව ඔහු පෙන්වා දෙයි.  “කොරෝනා හැදුන මිනිහ කොරෝනා හැදිලා Read More

t

o

p