කොරෝනා හැදුනොත් හැදුන කෙනා මැරුණා කියමුකෝ ඒ වගේද රාජපක්ෂ වෛරසය?

July 15, 2020

කොරෝනා වෛරසය ආසාදනය වූවන් නැවත හඳුනා ගනිමින් තිබෙන මොහොතක පවත්නා සෞඛ්‍ය හේතූන් මත හෝ මැතිවරණ රැස්වීම් නතර කිරීමේ සූදානමක් සමඟි ජන බලවේගයට නොමැති බව අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි. 

කොරෝනා වෛරසයට වඩා රාජපක්ෂ වෛරසය බලවත් හෙයින් තම පාර්ශවයට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ වෛරසය මර්දනය කිරීම බව ඔහු පෙන්වා දෙයි. 

“කොරෝනා හැදුන මිනිහ කොරෝනා හැදිලා මැරෙනවා කියමුකෝ නමුත් සමස්ත ජන ජීවිතයම රාජපක්ෂ වෛරසයට බිලිදෙන්න අපට පුළුවන්කමක් නැහැ”

හුස්ම තිබෙනකල් මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව සොයිසා මහතා කියා සිටියේය. 

t

o

p