ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවා ගොස් තිබේ.
ගත වු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 28,498 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 907, 645ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
වෛරසය හේතුවෙන් ඉන්දියා වේ සිදු ව ඇති මරණ සංඛ්‍යාව ද මේ වන විට 23,727 ක් දක්වා ඉහළ ගොස් තිබේ.