ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනාවක්

July 15, 2020

ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන්  “අපැහැදිලි” පණිවුඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරයි.

කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

කොවිඩ් වැළඳී සුවය ලැබූවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මාස කිහිපයක් තුළඳී බිඳවැටීමේ හැකියාවක් ඇතැයි හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලය පවසීය.

මෙය හඳුනාගෙන ඇත්තේ චීනය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානියේ යන රටවල සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිතව කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.

t

o

p