විශ්‍රාමික වැටුප් විෂමතා ඇතිවීම වැළැක්වීමට රජයේ ඇති වැඩපිළිවෙල කුමක්ද – සජිත්

දිගින් දිගටම විශ්‍රාම වැටුප් විෂමතා ඇතිවීම මත, විශ්‍රාමිකයින් අපහසුතාවයට පත් කිරීම නවතාලීමට රජය සතුව ස්ථිරසාර වැඩපිළිවෙලක් තිබේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මෙසේ ද කීය. තම ජීවිතයේ හොඳම කාලය, රජයේ සේවය සහ රට වෙනුවෙන් කැපකොට, රාජ්‍ය සේවයෙන් ඉසිඹුලත් විශ්‍රාමිකයින් අද වන Read More

නාඩු සහ සම්බා සහල් රු.100 ට වඩා අඩු මිලට ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය තවදුරටත් – වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

තොග  වෙළඳපොල තුළ කොපමණ මිලකට  සහල් මිලදී ගැනීම සිදු වුවත්, නාඩු සහ සම්බා සහල් මිල රු.100 ට වඩා අඩුමිලට පවත්වා ගනිමින්  පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා රජය විසින් ගෙනයන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුනොවන බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  අවධාරණය කරයි. වෙළඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද දින පාර්ලිමේන්තුවේදී අනුරාධපුර දිස්තික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අද (09) පෙරවරුවේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. මෙම අවස්ථාවට මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන්ට Read More

අවිස්සාවේල්ල සමුපකාර සමිතියේ තැන්පතු කරුවන් පිළිබඳ වගකීම රජය භාරගැනීමට සූදානම් – වෙළෙඳ ඇමති

අවිස්සාවෙල්ල නැගෙනහිර හේවාගම් කෝරලයේ විවිධ සේවා සමුපකාර සමිතියේ විසින් පාලනය කරනු ලබන ග්‍රාමීය බැංකු 24 ක මුදල් තැන්පත් කළ 1,15,000 වන තැන්පත්කරුවන්ට අයත් රුපියල් මිලියන 545 ක මුදල 2015 වසරේ සිට එම තැන්පත්කරුවන්ට ආපසු ලබා දී නොමැත . කෙසේ වෙතත් මේ වන විට අදාල අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර නව පාලක මණ්ඩලයක් යටතේ  මෙම විවිධ සේවා Read More

බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කී පසුයි

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 15 ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා අද (08) ප්‍රකාශ කළේය. බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉල්ලා ඇති බවත් ඉදිරි දින දෙක තුළ එය ලැබීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී Read More

ආර්ථිකය කඩා වැටී ඇත්තේ කොරෝනාවෙන් නොව ආණ්ඩුවේ අදක්ෂකමෙන් – රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවට ආ⁣ර්ථික පසුබෑමක් ඇති වී තිබෙන්නේ කොරෝනා වසංගතය නිසා නොව ආණ්ඩුවේ අදක්ෂකම නිසා යැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7)පැවසීය . කොරෝනාවලින් වූ පසුබෑම තව වසර දෙකකින් පමණ යථා තත්ත්වයට පත් විය හැකි නමුත්  ආණ්ඩුවට දැක්මක් සහ ප්‍රතිපත්තියක් නැති කම නිසා රට දරුණු අගාධයකට ඇද ගෙන යමින් සිටින බව Read More

මත්ද්‍රව්‍ය සමග මෙරට යාත්‍රා 3 ක් හා 12 දෙනෙක් ඉන්දියානු වෙරළාරක්ෂකයින් අල්ලයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු තීරයේදී ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එහි සිටි තවත් 7 දෙනෙක් මුහුදට පැන ඇති බව ද වාර්තා වේ. එම බෝට්ටුවල තිබි කොකේන් කිලෝ 200 ක්, හෂීෂ් කිලෝ 60ක් සහ උපකරණ Read More

අන්තර්ජාල වංචා නිසා විසා නොමැති විදේශීකයන් සොයා මෙහෙයුම්

අන්තර්ජාල වංචා විශාල ප්‍රමාණයක් සිදුව ඇති බැවින් වීසා නොමැතිව රට තුළ රැඳී සිටින විදේශිකයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් දියත් කරන බව පොලීසිය පවසයි. විසා නොමැතිව රැඳී සිටින ඇතැම් විදේශිකයින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවන් කළ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් නීති විරෝධීව මෙරට රැඳී Read More

JAT Holdings ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම  2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි. JAT Holdings සමාගම යනු කවදත් ක්‍රිකට් Read More

පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගෙන තිබේ. ඒ, ඉරාකයේ සංචාරය කිරීමටයි.  අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කරන පළමු පාප්වරයා වශයෙන් වාර්තා ගත වන බව විදෙස් මාධ්‍ය පවසයි. පාප් වහන්සේ ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාක ආරක්ෂක භටයින් 10,000ක් කැඳවා ඇති බව සදහන්.

t

o

p