අන්තර්ජාල වංචා නිසා විසා නොමැති විදේශීකයන් සොයා මෙහෙයුම්

March 8, 2021

අන්තර්ජාල වංචා විශාල ප්‍රමාණයක් සිදුව ඇති බැවින් වීසා නොමැතිව රට තුළ රැඳී සිටින විදේශිකයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් දියත් කරන බව පොලීසිය පවසයි.

විසා නොමැතිව රැඳී සිටින ඇතැම් විදේශිකයින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවන් කළ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් නීති විරෝධීව මෙරට රැඳී සිටින විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කළ බවද ඔහු කීවේය.

ඒ අනුව ඊයේ (07) කොල්ලුපිටිය ප්‍රදේශයේදී තායිලන්ත ජාතිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද අජිත් රෝහණ මහතා පැවසුවේය.

පසුගිය 06 වනදා ද වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ඇතුළු විදේශිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

t

o

p