JAT Holdings ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි

March 7, 2021

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම  2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි.

JAT Holdings සමාගම යනු කවදත් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපවුණු ආයතනයකි. මීට පෙර පැවැති LPL තරගාවලිය, 2017 වසරේදී සිදුකෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය, බංග්ලාදේශයේ පැවති BPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරගාවලි සඳහා JAT Holdings සමාගම අනුග්‍රාහකත්වය ලබාදී ඇත.

දැනට පවතින දුෂ්කරතා මධ්‍යයේ බොහෝ සමාගම් දැවැන්ත ව්‍යාපාරික තීරණ ගැනීමෙන් වැළකී සිටින පසුබිමක පවා JAT Holdings සමාගම මෙරට ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී  සිටියි.

එම සමාගම මෑතකදී “WHITE by JAT” නමින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ හා බාහිර ආලේප කළ හැකි බ්‍රිලියන්ට් වයිට් ඉමල්ෂන් තීන්ත පෙළක්ද වෙළඳපොළට හඳුන්වා දුන් අතර, සිය නවෝත්පාදන හැකියාව, ආයතනික ආත්ම විශ්වාසය, මූල්‍ය ස්ථාවරත්වය සහ අඛණ්ඩව ප්‍රජා සත්කාර ක්‍රියාවට නැංවීමේ උනන්දුව ආදිය ඔස්සේ සුපුරුදු පරිදි පෙරට යමින් සිටී.

t

o

p