මත්ද්‍රව්‍ය සමග මෙරට යාත්‍රා 3 ක් හා 12 දෙනෙක් ඉන්දියානු වෙරළාරක්ෂකයින් අල්ලයි

March 8, 2021

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු තීරයේදී ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එහි සිටි තවත් 7 දෙනෙක් මුහුදට පැන ඇති බව ද වාර්තා වේ.

එම බෝට්ටුවල තිබි කොකේන් කිලෝ 200 ක්, හෂීෂ් කිලෝ 60ක් සහ උපකරණ කිහිපයක් ද ඉන්දීය වෙරළ ආරක්ෂක බළකා නිලධාරින් සොයා ගෙන තිබේ. 

බෝට්ටුවල තිබී හමුවූ මත්ද්‍රව්‍ය වල වටිනාකම මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව ආරක්ෂක අංශ පැවසීයැයි එඑට මාධ්‍ය වාර්තා කර තිබුනි.

t

o

p