ආර්ථිකය කඩා වැටී ඇත්තේ කොරෝනාවෙන් නොව ආණ්ඩුවේ අදක්ෂකමෙන් – රනිල් වික්‍රමසිංහ

March 8, 2021

ශ්‍රී ලංකාවට ආ⁣ර්ථික පසුබෑමක් ඇති වී තිබෙන්නේ කොරෝනා වසංගතය නිසා නොව ආණ්ඩුවේ අදක්ෂකම නිසා යැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7)පැවසීය .


කොරෝනාවලින් වූ පසුබෑම තව වසර දෙකකින් පමණ යථා තත්ත්වයට පත් විය හැකි නමුත්  ආණ්ඩුවට දැක්මක් සහ ප්‍රතිපත්තියක් නැති කම නිසා රට දරුණු අගාධයකට ඇද ගෙන යමින් සිටින බව ද බවද සඳහන් කළේය.


රටෙි ආනයන මෙන්ම සෙසු විදේශ වියදම් සඳහා ද අද මුදල් නැති  බවද  මෙි තත්වය යටතේ ඊළඟ මාස කිහිපයේදී කරන්නේ කුමක්දැයි තීරණය කළ යුතුව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


” මේ ආරම්භය පමණයි.තරු පෙනෙන්නට පටන්  ගන්නේ මෙි අවුරුද්ද අවසන් වෙන විටයි. රටේ ආර්ථිකය අද තිබෙන්නේ මෙවැනි තත්වයකයි.අපේ ආයෝජන කරන්නට බාර ගත් අය දැන් නැගෙනහිර අප්‍රිකාවේ ආයෝජනය කර තිබෙනවා.ඇතැමුන් බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙනවා.මෙහෙම ගියොත් අනාගතයේදී එක වේලක් නොකා සිටීමට සිදු වේවි”යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ බොරැල්ලේ පැවති සංවාදශීලී ජන හමුවක් අමතමිනි.

t

o

p