බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කී පසුයි

March 8, 2021

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 15 ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා අද (08) ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉල්ලා ඇති බවත් ඉදිරි දින දෙක තුළ එය ලැබීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී කිවේය.

දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 15 වනදා ආරම්භ කිරීමට නියමිත අතර එදින සිට බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණයක් ගෙන තිබුණි.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය තීරණය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සුදානම් යැයි කී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් යැයි ද කීවේය.

t

o

p