අවිස්සාවේල්ල සමුපකාර සමිතියේ තැන්පතු කරුවන් පිළිබඳ වගකීම රජය භාරගැනීමට සූදානම් – වෙළෙඳ ඇමති

March 9, 2021



අවිස්සාවෙල්ල නැගෙනහිර හේවාගම් කෝරලයේ විවිධ සේවා සමුපකාර සමිතියේ විසින් පාලනය කරනු ලබන ග්‍රාමීය බැංකු 24 ක මුදල් තැන්පත් කළ 1,15,000 වන තැන්පත්කරුවන්ට අයත් රුපියල් මිලියන 545 මුදල 2015 වසරේ සිට එම තැන්පත්කරුවන්ට ආපසු ලබා දී නොමැත .

කෙසේ වෙතත් මේ වන විට අදාල අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර නව පාලක මණ්ඩලයක් යටතේ  මෙම විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන කටයුතු කරගෙන යන බවත්  එම තැන්පත්  මුදල නැවත තැන්පත්කරුවන්ට ලබාදීමට කටයුතු කිරීමට ආණ්ඩුවක් ලෙස තමුන් වගකීම භාරගන්නා බවත්‍ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මීට හේතු වී ඇත්තේ එම මුදල් මහ බංකුවේ ලියාපදිංචි නොවන ප්‍රාථමික ගැනුම්කරුවකු වන එන්ට්‍රස්ට් ලිමිටඩ් ආයතනයේ  ආයෝජනය කිරීම නිසාය .

මේ පිළිබඳව අද අනාවරණය වූයේ පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යටතේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එස්.එම්.මරික්කාර් මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අවස්ථාවේදී ය.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ කැබිනට් අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ සහ තමන්ගේ සහභාගිත්වය සහිතව  කැබිනට් පත්‍රිකාවක් මගින් අසාධාරණයට ලක්වූ  තැන්පත්කරුවන් වෙනුවෙන් කැබිනට් අනු කමිටුවක් මඟින් සාධාරණය ඉෂ්ට කිරීමට සූදානම් ව සිටින බව ය .

කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ,  මෙම ආයතනය වර්තමාන රජයේ අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙක්ගේ ආයතනයක් නොවන්නේද යන්නයි .එසේම මේ සමුපකාර සමිතිය එහි මුදල් ආයෝජනය කළේ  පහළ මධ්‍යම පාන්තික ජනතාව බව අවධාරණය කළ මරික්කාර් මන්ත්‍රීවරයා ඒ පිළිබඳව වගකීම බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ රජය විසින් භාර ගන්නේ ද යන්න නැවතත් විමසීය.

 ඒ අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේ අධිකරණයේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවත්  අධ්‍යක්ෂ මණ්ඩලය  රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ද ඇප මත මේ වන විට නිදහස්ව ඇති බවද,  අවධානයට ලක් කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක බව පෙන්වා දුන්නේය. 

t

o

p