නාඩු සහ සම්බා සහල් රු.100 ට වඩා අඩු මිලට ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය තවදුරටත් – වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

March 9, 2021

තොග  වෙළඳපොල තුළ කොපමණ මිලකට  සහල් මිලදී ගැනීම සිදු වුවත්, නාඩු සහ සම්බා සහල් මිල රු.100 ට වඩා අඩුමිලට පවත්වා ගනිමින්  පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා රජය විසින් ගෙනයන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුනොවන බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  අවධාරණය කරයි.

වෙළඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද දින පාර්ලිමේන්තුවේදී අනුරාධපුර දිස්තික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර හතා  විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමිනි.

යම්හෙයකින් සහල් සඟවා තබා රටතුල සහල් හිඟයක් ඇතිකරලීමට උත්සහ කලහොත් ආරක්ෂිත තොග ලෙස සහල් තොගයක් ආනයනය කර එම ගැටලුව විසඳීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේදී යොදා ගන්නා වාහන සඳහා භාවිත කරන ටයර් සම්බන්ධයෙන් වෙළඳපොල තුල පවතින හිඟයට හේතුව කෝවිඩ් වසංගතයත්  සමඟ විදේශ විනිමය තුළ ඇති වූ දැඩි අර්බුදය නිසා යම් භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කිරීමට සිදු වීම බවත් විදේශ විනිමය ඉහළ යාමත් සමඟ නැවත එම සීමා ලිහිල් ක්රන බවටත් තවදුරටත් සාකච්ජා කිරීම සඳහා එම ගැටලුව අදාළ කාරක සභාව වෙත යොමු කරන බවටත් වෙළඳ අමාත්‍යතුමා මෙහිදී සහතික විය.   

මෙහිදී සතොස ශාඛා සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලෙස දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන ලංකා සතොස අලෙවිසැල් සංඛ්‍යාව 16ක් වන අතර ඒවාහි ප්‍රගතිය සෑම මසකම කලමණාකාරිත්වය විසින් සමාලෝචනය කරනු ලබන බවට අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

එම දිස්ත්‍රික්කය තුළ සිදුවන ව්‍යාපාරික, සාමාජීය සහ යටිතලපහසුකම් පහසුකම් වැඩිදියුණු කිරීම හා එම පළාතට අනුගත රාජ්‍ය ප්‍රතිපත්තීන් සහ දැනට පවතින අලෙවිසැල්වල කාර්ය දර්ශකය අනුව එහි අලෙවිසැල් ප්‍රමාණය වැඩි කල හැකිද යන්න පිළිබඳව පුළුල්ව සාකච්ජා කරන අතර එහිදී යම් ප්‍රදේශයක අලෙවිසැලක් ආරම්භ කිරීම සඳහා යෝජනා වූ විට ශක්‍යතා අධ්‍යනයක් කිරීම මඟින් ඒ සඳහා සාධනීය තීරණයකට එලැඹෙන බවද එහිදී අවධාරණය කර සිටියේය. 

t

o

p