රුපියලේ අගය තවත් ඉහළට
ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද (07) දින ඩොලරයක ගැනුම් මිල රුපියල් 318ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙස ය.
ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද (07) දින ඩොලරයක ගැනුම් මිල රුපියල් 318ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙස ය.
චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ඊයේ රාත්‍රියේ ලැබීමත් සමඟ තමා සහ මහබැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව තමන් රටේ යුතුකම මේ වන විට ඉටු කර අවසන් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය යුතුකම මේ මාසය අවසන් වීමට පෙර ඉටු Read More
මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9යි 30ට ආරම්භ වෙයි. එහි දී මෝටර් රථ පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක නියෝග අද (07) විවාදයට ගැනීමට නියමිත යි. අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සඳහන් නීතීන් විවාදයකින් තොරව හෙට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් Read More
රියදුරු හිඟය හේතුවෙන් සති අන්තයේ දී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කළත් අද (07) දිනයේ දී කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. රියදුරන් නොමැති වීම හමුවේ ඊයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කරනලදි. පසුගිය ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 60 ඉක්ම වූවන් විශ්‍රාම ගැන්වීමේ තීරණයත් සමග දුම්රිය අවලංගු වීම් රැසක් Read More
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත් බහුකාර්ය සංවර්ධන සහායකයන් 2,400කට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහායන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. මෙහිදී පත් වීම් ලාභීන් අමතමින් අගමැතිවරයා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවට අන්තර්ගතව සිටින 30,000ක පමණ තරුණ පිරිසකට විවිධ Read More
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්වයක් මත ගවයින් 30 කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල මියගොස් ඇති බව කිලිනොච්චිය ගොවි ජනතාව පවසයි. ගොවි ජනතාව පැවසූවේ ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර, අදාළ ගෙඩි පුපුරා තුවාල ඇති වි ඇතැම් ගවයින් මියයමින් සිටින බවයි. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතර තුළ ගවයින් 300 කට වැඩි ප්‍රමාණයකට Read More
මැදින් පොහොය දිනය යෙදී ඇති අද දිනයේ ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. මැදින් පොහෝ දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ දිනයේ සිට පැමිණි ඇත. දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය Read More
සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ , ලැබී ඇති අයදුම්පත් අතුරින් ලක්ෂ 2ක සංගණන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි. ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමස්ත අයැදුම්පත් සංඛ්‍යාව, ලක්ෂ 37 කි. කඩිනමින් අදාළ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු Read More
පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් 03 වන පාසල් වාරය අවසන්වීමට පෙර සියලු සිසුන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ චීන ආධාර යටතේ මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි තොගය එළඹෙන අගහරුවාදා නිල වශයෙන් භාරගන්නා බවයි.
වසර 38ක් දුම්රිය එන්ජින් රියදුරෙකු ලෙස සේවය කළ එච්. එල් සිරිල් සුගතදාස සිය සේවාවට සමුදීමේ දී රාජකාරිය කළ දුම්රියට දණ නමා වැඳ ආචාර කර තිබේ. 23 වසරකට අධික කාලයක් උඩරට මාර්ගයේ රාජකාරී සිදුකළ සුගතදාස එන්ජින් රියදුරා විශ්‍රාම යාම නිමිත්තෙන් දුම්රිය ස්ථාන කිහිපයකදීම පිළිගැනිමේ උත්සව ද සංවිධාන කර තිබුණි.
t
o
p