ශ්‍රී පාද වන්දනාවට මහ සෙනඟක්

March 6, 2023

මැදින් පොහොය දිනය යෙදී ඇති අද දිනයේ ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. මැදින් පොහෝ දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ දිනයේ සිට පැමිණි ඇත.

දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථ ගණනාවක් ධාවනයට එක්කර තිබුණි. ශ්‍රී පාදස්ථානාධිපති ඌව පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වතාවන් රැසක් පැවත්වන ලදි.

t

o

p