ගවයින් අතර මාරාන්තික රෝගයක් පැතිර යයි

March 6, 2023

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්වයක් මත ගවයින් 30 කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල මියගොස් ඇති බව කිලිනොච්චිය ගොවි ජනතාව පවසයි.

ගොවි ජනතාව පැවසූවේ ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර, අදාළ ගෙඩි පුපුරා තුවාල ඇති වි ඇතැම් ගවයින් මියයමින් සිටින බවයි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතර තුළ ගවයින් 300 කට වැඩි ප්‍රමාණයකට අදාළ රෝගය හටගෙන ඇති අතර,ගවයින්ට වැළදි ඇති රෝගී තත්වය මත එළකිරි ලබා ගැනීමට නොහැකි වි ඇති බව කිරි ගොවියන් සඳහන් කර සිටියි.

කිරි ගොවීන් පැවසූවේ ගවයින්ට වැළදි ඇති රෝගය ක්‍රමයෙන් දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ව්‍යාප්ත වි ඇති බවයි.

ගවයින් අතර පැතිර යන රෝගී තත්වයට ලබාදෙන බෙහෙත් පශූ වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත්ව නොමැති බවද ගොවි ජනතාව පවසා සිටියේ.

පසුගිය සමයේ හටගත් අධික සීතල කාළගුණ තත්වයකින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් 3000 කට ආසන්න ප්‍රමාණයක් මිය යන ලදි.

t

o

p