සමාජ සුබසාධන ප්‍රතිලාභ ගැනීමට අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර

March 6, 2023

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ , ලැබී ඇති අයදුම්පත් අතුරින් ලක්ෂ 2ක සංගණන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමස්ත අයැදුම්පත් සංඛ්‍යාව, ලක්ෂ 37 කි.

කඩිනමින් අදාළ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

t

o

p