කාර්යාල දුම්රිය අද සිට නියමිත පරිදි ධාවනය කරයි

March 7, 2023

රියදුරු හිඟය හේතුවෙන් සති අන්තයේ දී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කළත් අද (07) දිනයේ දී කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රියදුරන් නොමැති වීම හමුවේ ඊයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කරනලදි.

පසුගිය ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 60 ඉක්ම වූවන් විශ්‍රාම ගැන්වීමේ තීරණයත් සමග දුම්රිය අවලංගු වීම් රැසක් වාර්තා විය.

එම තත්වය හමුවේ විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම සඳහා වන ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ජනවාරි මාසයේදීම යොමු කළත් එම කොමිසම ඊට අනුමැතිය ලබාදී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ඊට අදාළව අද දිනයේදී ප්‍රවාහන අමාත්‍යවරායාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත යි.

t

o

p